අනියම් ඇසුර පැවැත්වූ බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ සැමියෙක්...ඇය මිය ගිහින්

lankaSFnews
0
petrol

 වෙන්නප්පුවෙන් ඇසෙන මේ දුක්බර පුවත අනියම් සම්බඳතා වල ඛේදාන්තය පසක් කරන්නකි. තම සුරූපී බිරිදට බිරිදට පෙට්‍රල් ගිනි තබා මරා දැමිමේ චෝදනාවට 41 හැවිරිදි පොල් කඩන්නේකු වු සැමියා වෙන්නප්පුව පොලිසිය විසින් 18 දින අත් අඩංගුවට ගත් බව කියයි.


මෙසේ මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව සින්ද්‍රාන්ති කොළණියෙ නිවසක පදිංචිව සිටි 37 හැවිරිදි තංගවේලු රාජලිංගම් සුසිලා නැමති තිදරු මවක් බව කියයි.


මරණයට පත්වු කාන්තාව වසර දෙකකට පෙර මෙම ඝාතනයට සම්බන්ධ සැමියා විසින් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීම සදහා යවා තිබු බවත් එහිදි කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි අයකු සමග සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පරික්ෂණ වලදි තහවුරු වී තිබේ.


ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියා කුලියට පොල් ගස් නැග පොල් කැඩිමේ නිරතව සිට ඇති බවත් ඔවුන් දරුවන් සමග සින්ද්‍රාන්තිය කොළණියෙ නිවසක් කුලියට ගෙන පදිංචිව සිට ඇති බව කියයි.


නිවසේ පැවති ආර්ථික තත්වයෙන් ගොඩ ඒම සදහා තම බිරිද මැදපෙරදිග ගෘහ සේවිකාවක් ලෙස සේවයට යවා ඇති බව පැවසෙයි.


තම බිරිද විදේශ රැකියාවකට යැවිමේන් පසු කොච්චිකඩේ ප්‍රදේශයෙ පදිංචි සින්නතම්බි නැමති අයකු සමග රහසිගත සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඇයට ලැබුන වැටුප් වලින් අඩකටත් වඩා මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය පුද්ගලයාට ඒවා ඇති බවත් සැමියාට හා දරුවන්ට එවා ඇත්තේ ඇය සුළු මුදලක් බවද පොලිසියට සැකකාර සැමියා කල පාපෝච්චාරණයෙදී හෙළිව තිබේ.


එම පාපොච්චාරණයෙදී වැඩි දුරටත් පවසා ඇත්තේ තම බිරිද වසර දෙකකට වැඩි කාලයක් ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් පසුව මාස කිපයකට පෙර ලංකාවට පැමින ඇති නමුත් තම සැමියා හා දරුවන් සිටින පදිංචි නිවසට පැමින නැති බවත්  අනියම් සැමියා පදිංචි කොච්චිකඩේ නිවසට ගොස් ඔහු සමග පදිංචිව සිට ඇති බව ද එම පාපොච්චාරණයෙ සදහන් වෙයි.


එය තමන් දැන ගෙන සිටියද ප්‍රශ්ණ ඇති කර නොගෙන දැඩි වේදනාවෙන් ඉවසා සිටි බවත් මෙම සැකකරු පොලිසිය හමුවේ පවසා තිබේ.


කෙසේ නමුත් පසුගිය 10 දින තම දෙවැනි දරුවා වන පුතුගේ 14 වන උපන් වෙනුවනේ තම බිරිදට නිවසට පැමිණේන ලෙස ඉල්ලා සිට ඇති බවත් ඒ අනුව ඇය නිවසට පැමින ඇති අතර 14 දින අලුයම ඇය තමන්ට යාම උවමනා බව  පවසමින් යාමට කටයුතු කරමින් සිටියදි සැමියා විසින් ඇයට නොයන ලෙසත් අනියම් සම්බන්ධය පවත්වාගෙන යාම තමන්ට ගැටළුවක් නැති බවත් දරුවන් වෙනුවෙන් නිවසේ රැදි සිටින ලෙසත් ඉල්ලා තිබු බව කියයි.


කෙසේ නමුත් මෙම කාන්තාව දැඩි ස්ථාවරයක සිටිමින් තමන් යාමට අවශ්‍ය බව පවසමින් නිවසින් පිටත්ව යාමට සැරසෙන විට මෙම සැකකරු තණකොල කැපිමේ මැෂීමට දැමිමට රැගෙන විත් තිබු පෙට්‍රල් භාජනයකට වක්කර එකවර බිරිදගෙ සිරුරට විසිකර ඒ සමගම ගිනි පෙට්ටිටක් ගෙන ගිනිකුරක් පත්තුකර විසිකර ඇති බව පාපොච්චාරණය කර තිබේ.


පෙට්‍රල් හේතුවෙන් ගිනි ජාලාවක් මැද ගිනි ගනිමින් සිටි මෙම කාන්තාව දැක ඇගේ 14 හැවිරිදි පුතු අවදිවි කෑගසා ඇති අතර ඇයද ගිනි ගැනිම නිවා ගැනිමට නිවස වටා දුව ගොස් ඇති අතර එය අසල වෙළද සැලක අයකු දැක 14 හැවිරිදි පුතු සමග එක්වි නිවා දමා තිබුනද ඒ වන විටත් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි කාන්තාව කඩිනමින් රෝහල් ගත කර තිබේ.


ඇය පලමුව මාරවිල රෝහලටත් ඉන් පසුව මිගමුව මහ රෝහලටත් ඇතුලත් කර ඇති අතර බරපතල පිළිස්සුම් තුවාල ලබා සිරුර අභ්‍යන්තරයෙ සිදුවු හානි හේතුවෙන් 17 දින මරණයට පත්ව ඇති බව කියයි.


එම මරණය සම්බන්ධයෙන් සැකකාර සැමියා වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත අත් අඩංගුවට ගෙන තිබුනී.


පොලිසිය පවසන්නේ මේ වනවිට මවත් පියත් අහිමි අවුරුදු 14 හා 9 ක සිමාවල පසුවන දරුවන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පරිවාසයට ඇතුලත් කිරීමට ඉල්ලා සිටින බවයි.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top