ආගමික ප්‍රශ්න වලට දේශපාලනඥයින් මැදිහත් නොවිය යුතුයි - ඥානසාර හිමි [Full VIDEO]

lankaSFnews
0
gnanasara thero


 ආගමික ප්‍රශ්නවලට ඇත්තේ ආගමික පිළිතුරු මිස දේශපාලනික පිළිතුරු නොවන බැවින් දේශපාලකයින් ඊට මැදිහත් නොවිය යුතු බව, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හිරු TV නාලිකාවේ ඇත්ත වැඩසටහනේදී පවසනවා.

 

නමුත් ජවිපේ අය සමාජමාධ්‍ය තුළින් වෛරය වපුරවමින් කටයුතු කරමින් සිටින අතර එවැනි පිරිසක් සමඟ මෙරට බලයට පැමිණිමෙන් අබ සරණ යැයි උන්වහන්සේ පැවසුවා.


මෙරට මුස්ලිම් අන්තවාදය ක්‍රියාත්මක කරන කණ්ඩායම් තවමත් සිටින අතරම ඔවුන් පුනරුත්තාපනය කරන තත්ත්වයකට මෙය පත් කල යුතු බවයි උන්වහන්සේ අවධාරණය කර සිටියේ.


බැලු බැල්මටම පෙනෙන්නේ මේ වන විට ජනාධිපතිවරණයෙදී ඉදිරියෙන් සිටින්නේ සජිත් ප්‍රේමදාස වන අතර තම පක්ෂයේ සහාය පල කරන්නේ කාටද යන්න ඉදිරියේදී ජනතාවට ප්‍රකාශ කරන බවයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් පවසා සිටින්නේ.


Full VIDEO
 

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top