2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයි‍න්ගේ මූලික වැටුප 24% සිට 50%ට වැඩි ප්‍රමාණයකින් වැඩි කෙ‍රේ

lankaSFnews
0

 රාජ්‍ය‍ සේවයේ  මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප 2025 වසරේ ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව  වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති  විශේෂඥ කමිටුවේ සභාපති  උදය ආර්. සෙනෙවිරත්න පවසනවා.


එසේම, සියළුම රාජ්‍ය සේවකයින් සඳහා පවතින උද්ධමනය හා ආර්ථික සාධක සැලකිල්ලට ගෙන පාදක වසර ලෙස 2025 ජනවාරි මසයේ සිට ජීවන වියදම් දීමනාව වසර තුනක් දක්වා නොවෙනස්ව රුපියල් 25,000.00 බැගින් ලබා දීමටද වැටුප් විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුව යෝජනා කර ඇති බවයි සඳහන් වෙන්නේ.


මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා භාණ්ඩාගාර එකඟත්වය ලැබී ඇති බව  සඳහන් කළ ඒ මහතා නව සංශෝධනය සමඟ රාජ්‍ය සේවයේ පහළම සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 30,000.00ක් වන අතර ජීවන වියදම් දීමනාව ද සමඟ මුළු වැටුප රුපියල් 55,000.00ක් වන  බවයි ඔහු සඳහන් කළේ.


මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 




Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top