බස් දාලා සෙනග ඇද්දෙ නැති රැස්වීම ගැන සරත් ෆොන්සේකා තැබූ සටහන [VIDEO]

lankaSFnews
0

sarath fonseka rally minneriya

ලන්තෑරුම ලකුණින් මෙවර ජනපතිවරණය සඳහා තරඟ කරනු ලබන ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා විසින් පැවැත්වූ රැස්වීමකට සහභාගී වී සිටියේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසකි . ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය පිටුව හරහා අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බස් රථ යොදා මිනිසුන් රැගෙන එන්නේ නැති බවයි.එම සටහන පහතින්. 

මේ මොහොතේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව සම්බන්ධයෙනි. 

මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලන රසඥතාවයයි.

මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලන සාක්ශරතාවයයි. 

මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලනික තෝරා ගැනීමයි. 

මාගේ රැස්වීම් වලට සහභාගි වීමට ප්‍රවාහන පහසුකම් සපයන්නේ නැත. බස් රථ යොදා මිනිසුන් රැගෙන එන්නේද නැත. අරක්කු සිගරට් ලබා දෙන්නේද නැත. බත් පැකට් මාලුපාන් කිරිපැකට් බෙදන්නේද නැත. 

මගේ රැස්වීම පැවැත්වෙන දිනට පෙරදා රාත්‍රියේ ඒ අවට පෝස්ටර් 50ක් පමනක් අලවන අතර වේදිකාව ඉදිකරනුයේ මහජතාවට අවහිරයක් නොවන ස්ථානයකය. ශබ්ද විකාශන යන්ත්‍රද මහජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිදි අදාල පරිශ්‍රයට සීමාවන ලෙස සවි කිරීමට උපදෙස් ලබා දී ඇත. 

මාගෙ රැස්වීම් වලට පැමිණෙන්නේ එක් පුද්ගලයාද, පස් දෙනාද, දහදෙනද පනස් දෙනාද සිය දෙනාද ඔවුන් මට දසදහස් ගණනකට වඩා වටිනාකමක් ඇති වැදගත් පාක්ශිකයින් පිරිසකි. 

2010 දී දේශපාලනයට පැමිණි දා පටන් මම උඩුගම් බලා පිහිනීමට උත්සාහ කලෙමි. අදටත් එය එසේමය. මේ රටේ මහජනතාව ඊට සූදානම් නොමැතිනම් එය ඔවුන්ගේ තෝරාගැනීමය. 

සමගි ජන බලවේගයේ සභාපතිදූරය අතහැර එනවිට, අනෙකුත් ප්‍රධාන දේශපාලන බලවේග ඔවුන්ගේ කඳවුරු වලට සම්බන්ධ වන ලෙස මට ආරාධනා කලද, ඒ සියල්ල ප්‍රතික්ෂේප කලේ මගේ හෘදසාක්ශියට එකඟව එම දේශපාලන කඳවුරු වල සිටගත නොහැකි නිසාවෙනි. 

මම මගේ මතය රටට ඉදිරිපත් කරමි. එය බාරගන්නවාද නැද්ද යන්න රටේ ජනතාවට භාරය.


Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top