බංගලාදේශ සුළුතර හින්දු ප්‍රජාව ආරක්ෂාව පතා දැවැන්ත විරෝධතා දක්වයි

lankaSFnews
0

bangladesh hindus
 

බංග්ලාදේශ ශිෂ්‍ය ව්‍යාපාර වලට මුවාවී තමන් ඉලක්ක කරගෙන එල්ල වන ප්‍රහාර වලට එරෙහිව එරට සුළුතර හින්දු ප්‍රජාව දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා.  හෂීනා ගේ රජය බිඳවැටුණු අගෝස්තු 5 වෙනිදා සිට ගෙවුණු දින කිහිපය තුල එරට දිස්ත්‍රික්ක 52 කදී හින්දු ප්‍රජාව ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාර ගණන 200 කට අධික බවයි වාර්තා වන්නේ .ලක්ෂ 7 කට වැඩි පිරිසක් එක්වූ මෙම විරෝධතා හේතුවෙන් ඩකා අගනුවර ඇතුළු කලාප රැසක මාර්ග අවහිර වී තිබෙනවා.

     සුළු ජාතිකයින්ට හිංසා කරන්නවුන්ගේ නඩු විභාග විනිශ්චය කිරීම සඳගා විශේෂ විනිශ්චය මණ්ඩලයක් ,සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවේ ආසන වලින් 10% ක් වැනි ඉල්ලීම් මත පදනම්වූ මෙම විරෝධතා හේතුවෙන් ඩකා හී මාර්ග පවා අවහිර වී තිබුනා.මෙම විරෝධතා සඳහා ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහයද හිමිව තිබූ අතර සහභාගී වූ පිරිස ලක්ෂ 7 ඉක්මවා තිබුණා.
මිලියන 170 ක් වන බංගලාදේශ ජනග්‍රහණයෙන් 8% ක් හින්දු ප්‍රජාව වන අතර දේශපාලන විචාරකයින්ගේ මතය අනුව ඔවුන්ගේ වැඩි සහය තිබී ඇත්තේ ෂෙයික් හසීනා ප්‍රමුඛ අවාමි ලීගයටයි. 
   

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top