වසන්කළ තවත් බාල වයස්කාර අතවරයක්...නියෝජ්‍ය විදුහල්පතිනිය අත් අඩංගුවට

lankaSFnews
0
rape school girl

 තවත් බාලවයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ලවූ අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් මත මහවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.12 හැවිරිදි අදාළ දැරිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරයෙකු විසින් ඇය ලිංගික අතවරයට ලක් කර ඇත. 


ඒ සම්බන්ධයෙන් දැරිය විසින් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය දැනුවත් කර ඇති බවත් එම සිදුවීම කිසිදු අයෙකුට නොදන්වන ලෙස නියෝජ්‍ය විදුහල්පතිනිය දැරියට ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.ඒ අනුව එම සිද්ධියට අදාළ 51 හැවිරිදි ගුරුවරයා සහ 49 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිනිය මහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top