අනතුරට ලක්ව රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර,පොලිස් මුරපොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළ බවට සැකපිට යුද හමුදා සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.
හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් සැකකරුවාගේ සහෝදරයා මෙලෙස තුවාල ලබා ඇති අතර ඔහුව ගිලන් රථයට නංවා රැගෙන ඒමේදී රෝගියාගේ සහයට සැකකාර හමුදා සැරයන් වරයාද ගිලන් රථයට ගොඩ වී ඇති අතර එහිදී සෞඛ්‍ය සාහිකාවට ගිලන් රථය තුළදී ලිංගික අතවර සිදුකිරීමට තැත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ බව සෞඛ්‍ය සහායිකාව විසින් පොලිස් මුරපොලේ නිලධාරියාට පැවසීමෙන් අනතුරුව සැකකරු මුරපොලේ පොලිස් නිලධාරියාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කර හැසිරී ඇති අතර අනතුරුව එහි ගිය පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු සහ තුවාල ලැබූ ඔහුගේ සහෝදරයා අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය කියයි.
සැකකරු පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථායට අනුයුක්තව සේවය කරන්නෙකි.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හොරණ මූලස්ථාන පොලිසය පරීක්ෂක චින්තක පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.