කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගායනා කිරීම හෝ කියවීම තහනම් - තලේබාන් ඉස්ලාමීය නීති දැඩි කරයි

lankaSFnews
0
afgan women

 තලේබාන් සංවිධානය කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගායනා කිරීම හෝ කියවීම තහනම් කර තිබෙනවා.


ඒ ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයින් ඉස්ලාමීය පාලනය යටතේ දැඩි නීති මාලාවක් ප්‍රකාශයට පත් කරමින්.


උත්තරීතර නායක Hibatullah Akhundzada විසින් අනුමත කිරීමෙන් පසු මෙම නීති නිකුත් කරන ලද බවයි රජයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ.


ඊට පොදු ප්‍රවාහනය, සංගීතය, රැවුල බෑම සහ සැමරුම් වැනි එදිනෙදා ජීවිතයේ අංග ද ඇතුලත්.


නව නීති අතර, කාන්තාවක් ප්‍රසිද්ධියේ සිටින සෑම විටම තම සිරුර වැස්ම කිරීම අනිවාර්ය බවත් අන් අය පෙළඹවීම් වළක්වා ගැනීමට මුහුණු ආවරණයක් අත්‍යවශ්‍ය බවත් එහි සඳහන් . ඇඳුම් තුනී, තද හෝ කෙටි නොවිය යුතු බවත් එමගින් අවධාරණය කර තිබෙනවා.


මුස්ලිම් නොවන පිරිමින් සහ ගැහැණුන් ඉදිරියේ තමන්ව වසා ගැනීමටද කාන්තාවන් බැඳී සිටින අතර, කාන්තාවන්ට තමන් රුධිරයෙන් හෝ විවාහයට සම්බන්ධ නැති පිරිමින් දෙස බැලීමද තහනම් කර ඇති බව සඳහන්.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top