ප්‍රධාන පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක වසරක් තිස්සේ අවස්ථා හතකදී සිසුන් 22ක් එක්ව බලහත්කාරයෙන් මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කළ බවට දැරිය විසින් තණමල්විල පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇත. එම සිදුවීම පාසලේ විදුහල්පතිවරයා, විනය කමිටුව හා සිසුන්ගේ දෙමාපියන් කිහිප දෙනකුද එක්ව වසන් කර ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සිසුන් හා පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන අරඹා ඇති බවත් තණමල්විල පොලිසිය කියයි.
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය සමූහ දූෂණයට ලක්ව ඇති බවට තණමල්විල පොලිස් ස්ථානාධිපති වරයාට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ මූලික විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය කරගෙන තිබේ. අදාළ දැරිය පොලිසියට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී දැරිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් පොලිසියට ලබා දී තිබේ.
අපයෝජනයට පත් සිසුවිය එම පාසලේම සිසුවකු හා මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇත. එම සිසුවා විසින් මෙම දැරිය රවටා යහළුවකුගේ නිවසකට රැගෙන ගොස් එහි සිටි තවත් සිසුන් කිහිප දෙනකු සමග බලහත්කාරයෙන් දැරියට මත්පැන් පොවා සමූහ ලෙස දූෂණය කර එය වීඩියෝ ගතකර තිබේ.
පසුව එම සැකකාර සිසුන් විසින් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වා වසරක් තිස්සේ අවස්ථා හතකදී එම පාසලේම සිසුස් 20 දෙනකු හා ප්‍රදේශයේ වෙනත් පාසල් දෙකක සිසුන් දෙදෙනකු ඇතුළු සිසුන් 22නකු එක්ව අවස්ථා හතකදී සමූහ ලෙස දූෂණය කර තිබේ.
එහි ආසන්නතම සිදුවීම පසුගිදා සිදුව තිබුණේ කිරිඳි ගඟ අසලදීය. එහිදී සිසුන් 07 දෙනකු දැරිය ගඟ අසලට රැගෙන ගොස් සමුහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබේ. මෙම සිදුවීම මුලින්ම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවටද අනාවරණය වී තිබේ.
ඒ අනුව විදුහල්පති වරයා ඇතුළු පාසලේ විනය කමිටුව සිසුවිය හා අදාළ සිසුන් ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන නිසා මෙම සිදුවීම යටපත් කර තිබේ.
මෙම සැකකාර සිසුන් පිරිස අතරින් එක් සිසුවකුගේ පියකු ගුරු උපදේශක වරයකු වන අතර මව ගුරුවරියකද වෙයි. මේ හේතුව නිසාම සිද්ධියට අදාළව නීතිමය පියවර නොගෙන විදුහල්පතිවරයා ඇතුළු විනය මණ්ඩලය විසින් දෙමාපියන්ගෙන් හා සිසුන්ගෙන් ලියුම් රැගෙන සිද්ධිය යටපත් කර ඇත්තේ ඊට කිසිදු නීතිමය පියවරක්ද නොගෙනය.
සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඒවා විමර්ශනයෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බව අප කළ විමසීමකදී තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
මොණරාගල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි තණමල්විල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී. එම්. පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.
මත්තල – දිලීප් එන්. ජයසේකර