හින්දු - බෞද්ධ දෙපිරිසම වඳින වවුනියාවේ වඩ්ඩමාන පබ්බත විහාරයට සාමකාමී තීන්දුවක්

lankaSFnews
0
law

 වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි බෞද්ධ සැදැහැවතුන් වඩ්ඩමාන පබ්බත විහාරය ලෙසින් හඳුන්වන හින්දු බැතිමතුන් වෙඩුක්කුනාරීමලෙයි ලෙස හඳුන්වන ආගමික ස්ථානය සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයෙන් සාමකාමී තීන්දුවක් දී තිබේ.


මෙම ආගමික ස්ථානය බෞද්ධයින්ට අයත් බව ඔවුන් පවසද්දී, හින්දුන් කියා සිටින්නේ එම ස්ථානය ඔවුන්ට අයත් ස්ථානයක් බවයි.


අයිතිවාසිකම් ඉල්ලා වවුනියාව මහාධිකරණයේ නඩු හතරක් තිබූ අතර එම ස්ථානයේ පුරා විද්‍යා නටබුන්වලට හානි සිදු කළේ යැයි කියමින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද නඩු තුනක් ගොනු කොට තිබුණි.


මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කිරීමෙන් පසුව බෞද්ධයින් එම ස්ථානයේ නොමැතිකමත් හින්දූන්ට එම ස්ථානයට යෑමට අවසරයක් නොමැති නිසාත් දෙපිරිස හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට අවසන් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කොට ඇත්තේ මෙම ස්ථානය දෙපිරිස විසින්ම ඉතා සාමකාමී ලෙස පරිහරණය කරන ලෙසයි.


ඒ අනුව හින්දු ජනතාවට මෙම ස්ථානයට ගොස් වන්දනාමාන කිරීමටත්, පොංගල් උත්සව පැවැත්වීමටත්, වාර්ෂික පූජා උළෙලවල් පැවැත්වීමටත් මින් ඉදිරියට අවසර ලැබෙයි.


නමුත් එම ස්ථානයේ ඇති පුරා විද්‍යා දේපළවලට හානි කිරීම නව ගොඩනැඟිලි ඉදිකිරීම හින්දු ජනතාවට තහනම් කොට ඇත.


මෙම ස්ථානය සම්බන්ධයෙන් වවුනියාව අධිකරණයේ හා මහාධිකරණයේ ගොණු කොට තිබූ හා විභාග වෙමින් පැවති නඩු සියල්ලම නව තීන්දුවත් සමග අහෝසි වෙයි.

- දිනසේන රතුගමගේ

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top