කාන්තාවක් පොළොව පලාගෙන මීටර් 8 ක් ඇතුලට ගිහින්

lankaSFnews
0

 ක්වාලාලම්පූර් හි කාර්යබහුල මාර්ගයක ක්ෂනිකවම පොළොව කිඳා බැස තිබෙනවා.


ජලාන් ඉන්දියා මස්ජිඩ් නම් මෙම මාර්ගය අයිනේ බංකුවක් මත වාඩි වී සිටි 48 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් ඒ සමගම පහළට වැටී ඇති බවයි BBC පුවත් සේවය පවසන්නේ.


මෙලෙස පොළොව කිඳා බැසීම නිසා මීටර් අටක් ගැඹුරු වළක් නිර්මාණය වී ඇති අතර, කාන්තාව බේරා ගැනීම සඳහා මැලේසියානු බලධාරීන් උත්සාහ කරන බව සඳහන්.


කෙසේ වෙතත් මෙම වළට වැටුණු කාන්තාවගේ කිසිදු සලකුණක් පෙනෙන්නට නැති බවත් ගලවාගැනීමේ නිලධාරීන් පවසා තිබෙනවා.


කෙසේ වෙතත් ඇයව සොයා ගැනීමට 100 කට ආසන්න ‍යොදවා ඇති බව සඳහන්.

භූගත ජලය මතුපිට ඇති පාෂාණය දියකරමින් සිදුරක් සෑදීමේදී සාමාන්‍යයෙන් මේ ආකාරයට ගිලා බැසීම් ඇතිවන් බව බව කියවෙනවා.


ගෝලීය වශයෙන් නිශ්චිත දත්ත නොමැති වුවද, භූ විද්‍යාඥයින් පවසන්නේ ඒවා පොදු හේතූන් බවයි.


කෙසේ වෙතත් මෙලෙස නිර්මාණයවන ගිලා බැසීම් නිසා මිනිසුන් අනතුරට ලක්වීම ඉතා දුර්ලභ කරුණක්.


මෙම ව්‍යසනයන්ගෙන් එකක් ලෙස 2010 දී කැනඩාවේ සිදු වූ දරුණුතම ගිලා බැසීම දැක්විය හැකියි.


2010 දී කැනඩාවේ මොන්ට්‍රියෙල් අසල පිහිටි නිවසක් සම්පූර්ණයෙන්ම ගිලා බැසීමෙන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් මිය ගියා.


ලොව විශාලතම ගිලාබැසීම ලෙස නිරිතදිග චීනයේ Xiaoxhai Tiankeng හඳුනාගෙන ඇති අතර එය මීටර් 660 ක ගැඹුරකින් යුක්තයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය වසර 128,000 කට පෙර ඇතිවූ එකක් බවයි.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top