පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම අඩපණ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ධූරයේ කටයුතු කළ සමයේ 'යුක්තිය මෙහෙයුම' සාර්ථක කර ගැනීම සඳහා දෛනික වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිසි ලෙස නිලධාරීන් මෙහෙයවීම සිදු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මත්කුඩු ජාවාරම තුරන් කිරීම සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ යුක්තියේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.
කෙසේ වෙතත් පසුගිය මාර්තු සිට පාතාලය මර්දනය කිරීම සඳහා ද යුක්තිය මෙහෙයුම තවත් ශක්තිමත් කළ බවයි ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේ.
එමෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන ඇති බවද ටිරාන් අලස් මහතා අවධාරණය කර සිටියා.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ලබාදීම සඳහා කමිටුවක් මගින් අධීක්ෂණ කටයුතු සිදුකර අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.