2024 මුල් මාස 06 ටආදායම් බදු ගෙවන්නන් ලක්ෂ 3 කින් වැඩි වෙලා

lankaSFnews
0
tax sri lanka

 දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ  2024 වර්ෂයේ ජනවාරි සිට ජූලි මස දක්වා මාස 06 ක කාලයක් තුලදී මෙරට බදු ගෙවන්නන්නේ  සංඛ්‍යාව තුන් ලක්ෂ දාසය දහස් දෙසීය හැට හතරකින් (316,264)  කින් ඉහළ ගොස් ඇති බව  දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ විගණන නිලධාරියෙකු සමඟ  කරන ලද විමසීමක දී පැවැසීය.


ඉකුත් 2023 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට සමස්ථ බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව  997, 858 ක් වූ අතර  එම සංඛ්‍යාව  2024 වසරේ ජූලි 31 වන විට 1,314,122 දක්වා ඉහළ ගොස් ඇති බව එම විගණන නිලධාරියා සඳහන් කරන ලදී. 


ඉකුත් 2023 වසරේ ජනවාරි පළමුවනදා සිට දෙසැම්බර් මස 31 වන විට දී ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 1,182,210 දක්වාත්  අනෙකුත් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 131, 910 දක්වා  වැඩි වී ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව  සඳහන් කරයි. මේ අතර දැනටමත් TIN අංකය ලබා ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව මෙරට 4,577,303 කි.


චන්දන සමරවික්‍රම

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top