කුමුදුමලී ඩබ්ලිව්. යූ...කුමුදුමලී ඩබ්ලිව්. යූ....කියලා කියවුණේ එක පාරක් නෙමෙයි..
මේ වීඩියෝව විනාඩි 3 තත්පර විසිහයයි... අද වෙද්දී ලංකාවේ බොහෝදෙනෙක් මේක බලල තියෙන්න ඕන... එක ස්ටේජ් එක පිට එක ගෝල් මෙඩ්ල් අටක්.. කව්ද මේ කුමුදුමලී.. තමන්ගේ නම අට පාරක් අහගන්න ඇය කළ කැපකිරීම් අහසටත් වඩා උස ඇති...
උදේනි කුමුදුමලී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයෙන් තම අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යාවක්.. මේ කියන්න යන්නේ සමාජමාධ්‍යවල මේ දවස්වල වැඩි වැඩියෙන් කතාබහට ලක්වෙන ඇය ගැන කතාවක්...
ඔච්චර උපාධි අරන් මොනා කරන්නද අහන මිනිස්සු, උපාධි මොකටද අනේ ගේමක් ගහගන්න දන්නවා නම් කියන මිනිස්සු, තාමත් ඔයා ඉගෙන ගන්නවද අහන මිනිස්සු, කීපාරක් ඔයා රිපීට් වුණාද තාම ඔතනද අහන මිනිස්සු,නාකි වෙනකන් කැම්පස් යන්නද හිතන්නේ අහන මිනිස්සු,උපාධි ගොඩගහන් ඕවා කන්නද අහන මිනිස්සු ඇයටත් අනන්ත හමුවෙන්න ඇති...
මේ සාර්ථකතවයට ඇය ආවේ නොයෙකුත් කරදර බාධා මැදයි.. ඉතාමත් දුෂ්කර ගමකින් ඇවිල්ලා..වැඩ්ඩො අතර වැඩ්ඩෙක් වෙන්න හැමෝටම බෑ.. ඒත් ඇය ඒක කොහොමහරි අවසන් කලා.. ඒ විතරක්ම නෙවෙයි තමන්ට මේ තැනට එන්න පාර තනාදුන් නිදහස් අධ්‍යාපනයට ඇය ස්තූතිවන්ත වෙන්නත් අමතක කරලා තිබුණේ නැහැ..
News first video