චීනයේ ෂැංහායි නුවර කේන්ද්‍ර කරගත් ලෝක ප්‍රකට හුරූන් පර්යේෂණ ආයතනයේ නවතම ලැයිස්තුවට අනුව ගෞතම් අදානි ඉන්දියාවේ ලොකුම ධනවතා බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු එම ලැයිස්තුවේ මුල් තැනට පත්වී ඇත්තේ මෙතෙක් පෙරමුණේ පසුවූ මුකේෂ් අම්බානි දෙවැනි ස්ථානයට පත් කරමින් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එච්සීඑල් තාක්ෂණික සමාගමේ හිමිකරු වන ශිව් නාදර් එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්වී ඇති අතර, සිව්වැනි තැනට පත්වී ඇත්තේ ‘සන්‘ ඖෂධ සමාගමේ හිමිකරු දිලිප් ෂැංවි බව ද වාර්තා වේ.
මේ වන විට ඉන්දියාවේ බිලියනපතියන් 334 දෙනකු බිහි වී ඇතැයි ද, පසුගිය වසරේ ලැයිස්තුවට වඩා මේ වසරේදී ඉන්දියාවේ බිලියනපතියන් 75 දෙනකු අලුතින් එක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙහි විශේෂත්වය වන්නේ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද මෙවර ලැයිස්තුවට ඇතුළත් වීම බව වාර්තා වේ.