නවීන කාර් වල ඉදිරිපස ලාම්පු ගලවා පංචිකාවත්තට අලෙවි කරන ජාවාරමක් හෙළිවෙයි

lankaSFnews
0

 සිය නිවෙස් වල නවතා දමා ඇති නවීනතම මෝටර් රථ වල ඉදිරි පස ප්‍රධාන ලාම්පු ( Head Light ) රාත්‍රී කාළයේ එම නිවෙස් වෙත පැමිණ ගලවා ගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් අලෙවි කළ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා ප්‍රධාන විදුලි ලාම්පු තොගයක් ද සමග  09/05 දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත අඩංගුවට ගෙන තිබේ .


මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි . මොහු කළක් මෝටර් රථ ගරාජයක සේවය කළ මෝටර් රථ කාර්මිකයෙකි.


අනෙක් පුද්ගලයා කිරිල්ලවල , වෑබඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකි. මොවුන් දෙදෙනා කටාන , කොච්චිකඩේ , කටුනායක , ගනේමුල්ල සහ පෑලියගොඩ යන ප්‍රදේශ වල නිවෙස් වල නවතා ඇති නවීනතම මෝටර් රථ ගරාජ වෙත රාත්‍රී 12.00 න් පසුව ඇතුළු වී , ඒවායේ ඉදිරි පස ප්‍රධාන ලාම්පු පමණක් ගලවා ගෙන ගොස් කොළඹ , පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවි සැළ් වෙත අලෙවි කිරීම සිදු කර ගෙන ගොස් ඇති බව පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .


කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත කටුනායක 18 කණුව ප්‍රදේශයේ මොවුන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් තුළින් මෙම තොරතුරු පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබුණි .


මෙසේ අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සන්තකයෙහි අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3,100 ක් පමණ ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබූ අතර මොවුන් මීට පෙර අවස්ථා වල දී , මේ ආකාරයට නවීනතම මෝටර් රථ වල ප්‍රධාන විදුලි ලාම්පු ගලවා අධිකරණය මගින් වැරදි කරු වූ පුද්ගලයන් බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැවසීය .

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top