ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් 2027 වසරේදී ලොව ප්‍රථම ට්‍රිලියනපතියා වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමියේ නවතම විශේලෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
ස්පේස් එක්ස් සමාගමේ සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඉලෝන් මස්ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 251 ක වත්කමකට හිමිකම් කියන බවත් ඔහුගේ වත්කම් වාර්ෂිකව සියයට 110 ක ප්‍රතිශතයකින් වර්ධනය වන බවත් ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පවසයි. එසේම ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධුරය දරණ ස්පේස් එක්ස් සහ ටෙස්ලා සමාගම් වල වටිනාකම මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 1195 ක් බවද ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය ප්‍රකාශ කළේය.
ලොව දෙවැනි ට්‍රිලියනපතියා වීමේ වාසනාව 2028 වසරේදී ඉන්දියාවේ ගෞතම් අදානි උදාකර ගනු ඇති බවත් ඔහු ධනය වසරකට සියයකට 123 ක ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇති බවත් ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පුරෝකථනය කර ඇත.
එම ලැයිස්තුවේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන එන්වීඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජෙන්සන් හුවාන්ග් සහ ඉන්දුනීසියානු බලශක්ති සහ පතල් කැනීම් ක්ෂේත්රයේ දැවැන්තයකු වන ප්රාජොගෝ පන්ගෙස්ටු හිමිකරගෙන ඇති අතර ඔවුන් 2028 වසරේදී ට්‍රිලියනපතියන් වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. එසේම එම ලැයිස්තුවේ සය වැනි ස්ථානය හිමිකරගෙන සිටින මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් 2030 වසරේදීත් අටවෙනි ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියාවේ මුකේෂ් අම්බානි 2033 වසරේදීත් ට්‍රිලියනපතියන් වනු ඇතැයි ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය පුරෝකථනය කර ඇත.
මෙම ලැයිස්තුවේ පළවෙනි ට්‍රිලියනපතියන් 10 දෙනා අතර ඉන්දියාවේ දෙදෙනකු සිටීම විශේෂත්වයක් වන අතර ලොව ධනවත්ම පුද්ගලයන්ගේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය නොවෙනස්ව පැවතීමේ උපකල්පනය මත ඉන්ෆෝර්මා කනෙක්ට් ඇකඩමිය මෙම විශේල්ෂණ වාර්තාව සකසා ඇත.