එලඹෙන 22 වැනිදාවින් පසු ආර්ථික විප්ලවය ආරම්භ කර සෑම පළාතක්ම සම්බන්ධ කරගමින් අධිවේගී මාර්ග ආරම් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඔහු සදහන් කර සිටියේ ඉදිරි වසර 10 තුළ දේශීය සහ විදේශීය රැකියා අවස්ථා ලක්ෂ 20 ක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල තමන් සතුවන බවයි.
තංගල්ල ආසන බල මණ්ඩල රුස්වීම අමතමින් මේ බව කී නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,
"ඒ වගේම අපේ පක්ෂය මැනවින් හදුනාගෙන තිබෙනවා. අපි මේ මහපොලොවේ පය ගසා ජීවත් වෙනවා. අපි මේ රට අතහැර යන්න දේශපාලනය කරන අය නොවෙයි. අපි මේ රට අතහැර යනවා නම් යන්න තිබුණා. අපි පැනලා යයි කියා බලා සිටි බොහෝ අයට රිදෙන්නේ අපි පැනලා නොගිය නිසයි.
අපි අභියෝගවලට බිය නැහැ. අපි අභියෝගවලට ආදරය කරනවා. ඒ නිසා අපි මේ රට අතහැර යන්නේ නැහැ. මේ රට ආර්ථික, සාමජයීය, දේශපාලන වශයෙන් ස්ථාවර කිරීමේ අභියෝගයටත් අපි ආදරය කරනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරනවා.
හම්බන්තොට වරාය යළිත්වරක් අපි දකුණු ආසියාවේ නාවික කෙනේද්‍රස්ථානය බවට පත්කරනවා. හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගත් කාර්මික ජනපදය අපි නැවත වරක් ආරම්භ කරනවා. සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය කේන්ද්‍ර කරගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා ලක්ෂයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. අධිවේගී මාර්ග දියුණු කිරීම තවදුරටත් ක්‍රියාත්මක කරනවා.
පොරොන්දු දේශපාලනයෙන් අපේ වේදිකාව ඈත් කරනවා. ප්‍රතිපත්තිවලට අපි යායුතු වෙනවා. ප්‍රතිපත්තියක් නොමැති අයට බොරු පොරොන්දු දෙන්න පුළුවන්. අවංකව වැඩිකල් දේශපාලනය නොකරන අයටත් බොරු පොරොන්දු දෙන්න පුළුවන්.
ඒ අයගේ දේශපාලනය එක් මැතිවරණයකින් අවසන්. අපිට බොරු පොරොනදු දෙන්න බැහැ. අපේ දේශපාලනය පටන් ගත්තා පමණයි. අපි අවුරුදු ගණනාවක් මේ රටේ ජනතාව සමඟ දේශපාලනය කර තිබෙනවා. ඒ නිසා තවත් අවුරුදු ගාණක් දේශපාලනය කරනවා. ඒ නිසා අපි පුළුවන් දේ පැහැදිලිවම පුළුවන් කියා කියනවා. කියන දේ කරනවා වගේම කරන දේත් අපි බියක් නොමැතිව කියනවා.
මේ පණිවුඩය ගමට ගෙනයන්න. අපි ගමට ඇවිත් අපේ ජනතාව සමඟ කතා කරනවා. මම කුඩා කාලයේ සිට හැදුනු වැඩුණු තැන මේ තංගල්ල. අපි සමඟ පෙර පාසල් ගිය මේ ස්ථානයේ ඉන්නවා. අපි වසර ගණනාවක් දැවැන්ත සම්බන්ධතාවයක් සහ බැදීමක් සමඟ ගොඩනැඟුණු ප්‍රදේශයක්." යැයිද පැවසීය.