බදු ගෙවීම පැහැර හැරුවට ජෝ බයිඩන්ගේ පුතා වරදකරු වෙයි

lankaSFnews
0

 අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ පුත් හන්ටර් බයිඩන් ඔහුට එරෙහිව එල්ල වූ ඩොලර් මිලියන 1.4ක බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාවලට වරදකරු බව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එම චෝදනා සම්බන්ධයෙන්, ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයකදී, නඩු විභාගය පැවැත්විණි.


ජූරි සභිකයින් නඩු විමසුම අරඹන විටම 54 හැවිරිදි හන්ටර් බයිඩන් තමන්ට එරෙහිව ඇති චෝදනා නවයටම වැරදිකරු බව පිළිගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.


ඒ අනුව, ව්‍යාපාරිකයකු සහ නීතීඥවරයකු ද වන හන්ටර් බයිඩන්ට වසර 17ක සිර දඩුවමක් සහ ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවීමේ හැකියාවක් පවතී.


දඬුවම් නියම කිරීම දෙසැම්බර් 16 වැනි දින සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top