බටහිර බෙංගාලය ස්ත්‍රී දූෂකයන්ට මරණ දඩුවම නියම කරයි

lankaSFnews
0

 ඉකුත් අගෝස්තු මාසයේ සති ගණනාවක්ම ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මෙන්ම එරට පුරා දැඩි විරෝධතාවලට හේතු වූ කල්කටා නගරයේ පුහුණු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධිය හේතුවෙන් ස්ත්‍රී දූෂකයන්ට මරණීය දණ්ඩනය නියම කිරීමේ නව නීතියක් සම්මත කරගැනීමට බටහිර බෙංගාල ප්‍රාන්ත සභාව විසින් පෙරේදා (03) පියවර ගෙන තිබේ. මෙම නීතිය බලාත්මක කිරීම සඳහා ඉන්දීය ජනාධිපතිනි ද්‍රවුපදි මුර්මු විසින් එය අනුමත කළ යුතුව තිබේ. දැනට ඉන්දියාවේ ස්ත්‍රී දූෂණය සඳහා වරදකරුවන් හට නියම කරනුයේ දස වසරක සිර දඬුවමක් වන අතර බටහිර බෙංගාල ප්‍රාන්ත සභාව විසින් අලුතෙන් සම්මත කරගෙන ඇති නීතිය යටතේ ස්ත්‍රී දූෂකයන් සඳහා ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමේ සිට මරණ දණ්ඩනය දක්වා වූ දැඩි දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව ලැබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.


ඉකුත් අගෝස්තු 09 වැනිදා බටහිර බෙංගාල ප්‍රාන්තයට අයත් කල්කටා නගරයේ පිහිටි ආර් ජී කර් වෛද්‍ය විද්‍යාල රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක තිබී දූෂණය කර මරා දැමූ 31 හැවිරිදි වියෙහි පසුවූ පුහුණු වෛද්‍යවරියකගේ සිරුර හමුවීමත් සමගම කල්කටා නගරයේ මෙන්ම ඉන්දියාව පුරා එම සිදුවීමට එරෙහිව විරෝධතා දියත් වූ අතර වෛද්‍යවරුන් ද රට පුරා වැඩ වර්ජනයක නිරත විය.


සංස්කරණය – ඒමන්ති මාරඹේ

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top