රාහු කේතු ග්‍රහයන් දෙදෙනාට මැදිව එක් පැත්තක පමණක් ග්‍රහයන් යෝගවීම කාලසර්පයෝගයයි. දෙදෙනාගෙන් අනිත් පැත්ත හිස්ව පිහිටීම මෙම ලක්ෂණයයි. සියලුම ග්‍රහයන් රාහු කේතු මැදිකර පිහිටිය ද මෙහි අවස්ථා දොළහක් විවිධ අයුරින් අර්ථ සපයමින් නිරූපණය වෙයි. අපි ඒ පිළිබඳව හඳුනාගනිමු.
අනන්ත කාලසර්පයෝගය
අනන්ත කාලසර්පයෝගය යනු රාහු ලග්නයේත් කේතු හත්වැන්නේත් පිහිටීම මත උදාවේ. මෙම පිහිටීම විවාහයට ශුභ නොවේ. දියුණුවට බාධා ඇතිවේ. කරන කියන දේ සාර්ථක නොවීමක් පෙන්නුම් කරනු ඇත.
කුලීන කාලසර්පයෝගය
රාහු දෙවැන්නේ කේතු අටවැන්නේ වැනි ස්ථාන හිමිකර ගැනීම කුලීන කාලසර්පයෝගයයි. දරුඵල ප්‍රමාද වීම, ආර්ථික දුෂ්කරතා, අන් අයගෙන් තමන්ට සිදුවෙන අවමාන ආදිය ඇතිවීමට හේතු වෙයි.
වාසුකී කාලසර්පයෝගය
රාහු තුන්වැන්නේ සහ කේතු නවවැන්නේ ගොනුවීම වාසුකී කාලසර්පයෝගයයි. දේපළ විනාශය, විවාහයට බාධා ගෘහ ජීවිතය බාලවීම, ආර්ථික දුෂ්කරතා ඇතිවීම මෙයින් සිදුවනු ඇත.
ශංඛපාල කාලසර්පයෝගය
රාහු හතරට සහ කේතු දසවැන්නට සිටීම මෙම කාලසර්පයෝගයයි. මෙහිදී ජන්මියාගේ මවුපියන්ට අපලදායක වනු ඇත. කරන කටයුතු දුර්වල වීම සිදුවේ. ව්‍යාපාරවලින් පාඩු සිදුවේ.
පාද කාලසර්පයෝගය
රාහු පස්වැන්නේ කේතු එකොළොස් වැන්නේ යෙදීම මෙම පාද කාලසර්පයෝගයයි. දරුඵල හානිවීම අධ්‍යාපනය දුර්වලවීම, මෙන්ම ශරීර සෞඛ්‍යයට බාධා ඇතිවීම, මෙම යෝගයෙන් බලපෑම් ඇති කරනු ඇත.
මහා පාද කාලසර්පයෝගය
රාහු හය වැන්නේ සහ කේතු දොළහ පිහිටීම මහා පාද කාලසර්පයෝගයයි. කරන රැකියාවට බාධා, විවාහයට බාධා, මිල මුදල් ප්‍රශ්න, ණයතුරස් ඇතිවීම, වියදමට මුදල්මදි වීම මෙම යෝගයෙන් ඇතිවනු ඇත. සමාජයේ උපහාසයට ලක්වීම අනවශ්‍ය සම්බන්ධතා මෙයින් පෙන්නුම් කරනු ඇත.
තාක්ෂිකි කාලසර්පයෝගය
රාහු හත්වැන්නේ සහ කේතු ලග්න ගතවීම මිල මුදල් ප්‍රශ්න, ව්‍යාපාරවල ගැටලු, ආර්ථික ගැටලු, අනියම් සම්බන්ධතා ඇතිවීම කරන කියන දේ බොහෝ විට අසාර්ථකවීම, සමාජයේ උපහාසයකට ලක්වීම මෙම යෝගය බලපානු ඇත.
අනාථ කාලසර්පයෝග
රාහු අටවැන්නේ කේතු දෙවැන්නේ පිහිටීම මෙම යෝගය ඇතිවනු ඇත. මෙම පිහිටීමෙන් විවාහය සාර්ථක නොවේ. සහකාරිය හෝ සහකරු තමන් අත්හැර යෑම මෙන්ම අසාර්ථක විවාහ දිවියක් උරුම වනු ඇත. සමාජය අපහාසයට ලක්වන චරිතයක් වීම මෙම යෝගය ඇතිවන දරුණු බලපෑමකි.
ශංකවුඩ කාලසර්පයෝගය
රාහු නව වැන්නේ කේතු පස්වැන්නේ සිටීම මගින් මෙම යෝගය ඇතිවේ. රැකියා කරන ස්ථානයේ ගැටලු මතුවීම. තමාට හිමි නැති අවනම්බු විඳීම. බලවතුන් සමග මතභේදඇතිවීම. අකමැත්තෙන් සිදුකරන රැකී රක්ෂා ඇතිවීම. ජීවිතය කළකිරීම් වැනි දේ මෙයින් සිදුවනු ඇත.
විද්ධා කාලසර්පයෝගය
රාහු එකොළොස් වැන්නේ සිට කේතු පස්වැන්නේ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ. මෙම යෝගය නිසා දේපල හානිවීම වස්තු භංගත්වය ඇතිවීමට හේතුවේ. කෙතරම් ඉතිරි කරත් ඉතුරුවක් දකින්න නොලැබේ. කරන කියන දෙයින් පාඩු ඇතිවීමට හේතුවේ. සුරාසූදුවට වහල් වීම ගෘහයෙහි ගැටුම් ඇතිවීමේ තත්ත්වයක් මෙම යෝගය නිසා ඇතිවනු ඇත.
විශ්ධාර කාලසර්පයෝගය
රාහු එකොළහට සහ කේතු පස්වැන්නේ සිටීම මෙම යෝගය ඇතිවීමට හේතු වේ. මුදල් ගැටලු උසස්වීම්වලට බාධා අන් අයට රැවටීම් ඇතිවීම සිදුවනු ඇත. අනවශ්‍ය සම්බන්ධතා මෙන්ම නොගැලපෙන සම්බන්ධතා ඇතිවීමට හේතුයි.
ෂේස්නාග කාලසර්පයෝගය
රාහු දොළොස් වැන්නේ සහ කේතු හයවැන්නේ පිහිටීම මෙම යෝගය ඇතිවීමට හේතුයි. නොගැළපෙන විවාහය, නොගැළපෙන සම්බන්ධතා, කිහිපයක් ඇතිවීම මානසික ගැටලු මතුවීම, නඩුහබ වියදම් ඇතිවීම සිදුවනු ඇත.
විවාහයට වින කරන නැතිනම් රැකී රක්ෂාවලට බාධා ඇතිවන මෙම කාලසර්පයෝගය ඇතිනම් බිය නොවන්න. තමන්ගේ සිත කය වචනය පිරිසිදු නම් මෙම තත්ත්වයන් ජය ගැනීමට හැකිවනු ඇත. කාලසර්පයෝගය නිසි ලෙස හඳුනා ගැනීම යහපත් වේ. එවිට දොස් දුරු කර ගැනීම තුළ ලැබෙන සහනය බලවත්ය.