ඉරානයේ විශ්වවිද්‍යාල පරිශ්රයක 'යට ඇඳුමින් පමණක් සැරසී ඇවිදින කාන්තාවකගේ' වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අන්දම දක්නට ලැබෙනවා.
එම වීඩියෝව සංසරණය වන්නේ ඉරානයේ කාන්තා අයිතිවාසිකම් සඳහා වන සටන් පාඨ, "කාන්තාව, ජීවිතය, නිදහස" යන හැෂ් ටැග් සමඟ වීම විශේෂයි.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, වීඩියෝවේ සිටින කාන්තාව එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන තරුණියක් වන බවයි.
අදාළ කාන්තාව මෙයාකාරයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට හේතුව, මීට ඉහත ඉරාන විශ්වවිද්‍යාල තරුණියක් හිස් ආවරණයක් නොපැළඳීම හේතුවෙන් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ එම තරුණිය කෙරෙහි ප්‍රචණ්ඩකාරී අන්දමින් සැලකීම හෙළා දැකීමක් ලෙස බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මෙම වීඩියෝවේ දැක්වෙන විශ්වවිද්‍යාලය ටෙහෙරානයේ පිහිටි එකක් බව සඳහන්.
හිජාබ් පැළඳ නොසිටීම ඉරාන රෙජීමයේ ෂරියා පාදක නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ.
නගර වටා මුර සංචාරයේ යෙදෙන 'සදාචාර පොලිසිය' ලෙස හැඳින්වෙන කාර්ය සාධක බලකායක් විසින් එම නීතිය අකුරටම අධීක්ෂණය කරනු ලැබේ.
විශ්වවිද්‍යාල තුළ ද ආරක්ෂක අංශ විසින් නිතර සිසුන් නිරීක්ෂණය කිරීම සුලබය.
එවන් වටපිටාවක් තුළ 'විරෝධයක් පෑමට' වුව, අදාළ තරුණිය කළ මෙම ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව, පළමුව ඇයව ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කර පසුව මනෝචිකිත්සක මධ්‍යස්ථානයකට මාරු කර ඇති බව සඳහන්.
ඉරාන ඉස්ලාමීය ජනරජයට විරෝධතාකරුවන් මනෝචිකිත්සක මධ්‍යස්ථාන වෙත ගෙන යාමේ ඉතිහාසයක් ඇත. ඒ, මෙවන් ප්රතිවිරෝධී ක්‍රියා ඔවුන්ගේ අස්ථාවර මානසික සෞඛ්‍යය නිසා යැයි පවසමින්.
කොහොම නමුත් අදාළ තරුණිය කළ මෙම ක්රියාවේ “සැබෑ චේතනාව” තවමත් විමර්ශනය වෙමින් පවතින බව සඳහන්.